තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයේ දිනක වැටුප ජාතික වකුගඩු අරමුදලට පරිත්‍යාග කළ බව එම අමාත්‍යාංශය කියයි. ඒ අනුව රුපියල් ලක්ෂ 97කට ආසන්න මුදලක් (96,98085.53) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වූ බව තැපැල් අමාත්‍යාංශය පවසයි.
තැපැල් අමාත්‍යාංශය, තැපැල් දෙපාර්තමේන්තුව සහ මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව යන අංශවල සේවය කරන 20,000කට ආසන්න සේවක පිරිසකගේ දෛනික වැටුප මේ සඳහා පරිත්‍යාග කර තිබේ.