ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා තිබෙන ඡන්දදායකයන් 15,044,490 ප්රමාණයෙන් 541,432 ක් තැපැල් ඡන්ද දායකයෝ වෙති.
ජනවාරි 08 වැනිදා ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා තිබෙන ඡන්දදායකයන්ගේ ඡන්ද පත්රිකා මේ මස 20 වැනිදා තැපැල් දෙපාර්තමේන්තුවට භාරදීමට මැතිවරණ කොමසාරිස් කාර්යාලය සැලසුම් කර තිබේ.
එලෙස ලැබෙන ඡන්ද පත්රිකා ජනවාරි 22 දින සිට 31 වැනි දින දක්වා බෙදාහැරීමට සැලසුම් කර තිබෙන අතර, එහිදී මේ මස 26 වැනිදා සහ 31 වැනිදා විශේෂ දිනයන් සේ සලකා ඡන්ද පත්රිකා බෙදාහැරීමට සැලසුම් කර ඇත.