පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද ගණන් කිරීම පෙබරවාරි 10 දා පස්වරු 4.00ට ඡන්ද ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සෙසු ඡන්ද පත්‍රිකා ද සමග සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
ඒ අනුව තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු කවර පෙබරවාරි 09 දා ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් හරහා ඒ ඒ පළාත් පාලන ආයතන කොට්ඨාසවලට නියමිත ඡන්ද මධ්‍යස්ථානයට යැවෙන නමුත් ඒවා විවෘත කරන්නේ පෙබරවාරි 10 දා බවද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.