ඇල්පිටිය, කරුඳුගහහැතැක්ම උප තැපැල් කාර්යාලයේ ඇතිවූ හදිසි ගින්නකින් එහි තැපැල් ස්ථානාධිපතිනිය ගින්නට හසුවී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
අද (29දා) පෙ.ව. 6.30ට පමණ ගින්න ඇතිව තිබේ. ගිනි නිවීමේ ඒකක හා ප්රදේශවාසීන් එක්ව ගින්න නිවා දමා ඇතත් කාර්යාලය ඇතුළත සිටි ස්ථානාධිපතිය පිළිස්සුම් තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇත.
කෙසේ වෙතත් ඇය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති අතර මරණකාරිය අවුරුදු 49ක් වන කාංචනමාලා නැමැත්තියකි.