ජූලි මස 01 වැනිදා සිට තැන් තැන්වල නවත්වන අන්තර් පළාත් බස්රථවල බලපත්‍ර අවලංගු කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබේ.
පසුගිය කාලය තුළ මෙවැනි ක්‍රියා පිළිබඳ මගී ජනතාව සහ පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය විසින් පැමිණිලි කර ඇති බවත්, මගී ජනතාවට සිදුවන අපහසුතා තවදුරටත් වැළැක්වීම සඳහා මෙම තීරණය ගත් බවත් එම අමාත්‍යාංශය පවසයි.
විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ නියමිත ස්ථානවලට අමතරව තැන්තැන්වල නවත්වමින් මගීන් ගනු ලබන හා බස්වන අන්තර් පළාත් බස්රථවල බලපත්‍ර තහනම් කරන ලෙසටත්, එවැනි බස්රථ පිළිබඳ විමර්ශනය කිරීමට ජාතික ගමනාගමන කොමිසමේ පරීක්ෂක කණ්ඩායම් යෙදවීමටත්, එවැනි බස්රථ නවත්වන ස්ථාන නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව එම ස්ථානවලට CCTV ආරක්ෂක කැමරා පද්ධති සවි කිරීමටෂන් සභාවේ සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතාට උපදෙස් ලබාදුන් බවයි.
එම ආරක්ෂක කැමරා පද්ධති සවි කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගැනීමට ඉදිරියේදී අපේක්ෂා කරන බවද ඇමතිවරයා ප්‍රකාශ කරයි.
වසරක් පාසා බස්රථවල මාර්ග බලපත්‍ර අලුත් කිරීමේදී මෙවැනි නීතිවිරෝධී ක්‍රියා සිදුකරන බස්රථ සඳහා බලපත්‍ර අලුත් නොකරන ලෙසටත්, ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩපිළිවෙළ සම්බන්ධව පෞද්ගලික බස්රථ හිමියන් සහ සංගම් දැනුවත් කරන ලෙසටත් ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් ලබාදුන් බවද ඒ මහතා කියා සිටියේය.
පෞද්ගලික බස්රථ සේවාවේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා මෙම තීරණය ගත් බවත්, ඒ සඳහා පෞද්ගලික බස්රථ සේවාවේ නියුතු සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරන බවත් නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.