තායිවානයට කඩා වැදුණු මෙරන්ටි සුළි කුණාටුව මේ වනවිට චීනයට ඇතුළු වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
පැයට කිලෝ මීටර් 227ක පමණ වේගවත් සුළං සමග තායිවානයට ඇතුළු වූ මෙම සුළ කුණාටුව සුපිරි මට්ටමේ සුළි කුණාටුවක් ලෙස කාලගුණ අංශ පවසයි.
සුළි කුණාටුව හේතුවෙන් තායිවාන වැසියෙකු ජීවිතක්ෂයට පත්ව තවත් මිලියන අඩක පමණ ජනතාවක් විදුලිය නොමැතිව දැඩි අපහසුතාවකට ලක්ව සිටී.
තායිවානයට හානි කිරීමෙන් පසුව ගිණිකොණදිග ෂියාමෙන් නගරය ආශ්රිතව චීනයට ඇතුළු වී ඇති සුළි කුණාටුව චීනයේද බොහෝ විදුලි විසන්ධි කිරීම් සිදුකර ඇති බව කියයි.
මෙම සුළි කුණාටුව හේතුවෙන් දකුණුදිග චීනයේ ගුවන් ගමන් රැසක් අත්හිටුවා ඇති අතර, දහස් ගණන් ජනයා ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බවද කියයි.
පසුගිය දශක දෙකක කාලය තුළ තායිවානයට ඇතුළු වූ ප්රබලතම සුළි කුණාටුව ලෙස මෙය සැලකෙයි.