තායිලන්ත සංචාරක කඳවුරු වෙත අලි පටවන ජවාරමක්
තායිලන්තයේ සංචාරක කඳවුරු වෙත අලි ඇතුන් ලබාදීම සඳහා නීති විරෝධී අලි ජාවාරමක් සිදුවන බව හෙළිදරව් වන්නේ යැයි විදෙස් පුවත් සේවා අවධාරණය කරයි.
මියන්මාරය මූලික කරගෙන සිදුවන මෙම ජාවාරමේදී විශේෂයෙන්ම අලි පැටවුන් අල්ලා ගන්නා බවත්, එහිදී එම සතුන්ට ක්රෑර වදහිංසනයන්ට මුහුණ පෑමට සිදුවන බවත් අනාවරණය වී තිබේ.
අතීතයේදී බුරුමය ලෙස හැඳින්වුණු මියන්මාරය තුළ මේ හේතුවෙන් අලි ගහණයේ දැවැන්ත අර්බුදයක් ඇතිවිය හැකි බව මේ තුළින් වැඩිදුරටත් අනාවරණය වී තිබේ.
මෙහිදී තායිලන්ත බලධාරීන්ට අවධාරණය කර ඇත්තේ මෙම ජාවාරම පිටුදැකීම සඳහා වහාම නීතිමය පියවර ගත යුතු බවය.
මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් පසු සකස් කළ වාර්තාවකින් මෙම තොරතුරු අනාවරණය වී තිබෙන අතර, 2011 සිට 2013 දක්වා කාලය තුළ තායිලන්ත සංචාරක කර්මාන්තය වෙනුවෙන් නීති විරෝධී ලෙස අලි ඇතුන් 81 දෙනෙක් අල්ලාගෙන අලෙවි කර ඇති බවද කියැවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
