තායිලන්තයේ නව රජු ලෙස මහා වජිරාලොන්ග්කෝර්න් කුමරු කිරුළු පැළඳීම තවත් වසරකින්වත් පමා වනු ඇති බව තායි රජයේ නියෝජිතයෝ පවසති.
පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී තායිලන්තයේ හිටපු ජනපති භූමිබෝල් අදුල්යාදේජ් රජු ජීවිතක්ෂයට පත්වූ අතර, තම පියා ගෞරවාදරය හා පිංපෙත් පැමිණවීමට වැඩි කාලයක් තමාට අවශ්‍ය බව වජිරාලොන්ග්කෝර්න් කුමරු මීට පෙරද පවසා තිබුණි.
ඒ අනුව, තායිලන්තයේ හිටපු අගමැති ප්‍රේම් තින්සුලානෝන්දාගේ සභාපතීත්වයෙන් යුතු විශේෂ රාජාධිකාරියක් වෙත මේ කාලය තුළ සිහසුනේ බලය පැවරෙනු ඇති අතර, ඔහු වැඩබලන රජු ලෙස කටයුතු කරනු ඇත.