රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණයට අදාළ සී.සී.ටී.වී දර්ශන විදේශ පරීක්ෂණ ආයතනයකට යොමු කොට පරීක්ෂා කරවා ගැනීම වඩා යෝග්‍ය බව කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශය විසින් අද (05) අධිකරණයට දැනුම් දුන්නේය. තාජුඩීන්ගේ වාහනය හා ඒ පසුපස එන වාහනයක් හඳුනාගත හැකි වුවද, ඒවායේ අංක හා සිටින පුද්ගලයින් පැහැදිලිව හඳුනාගත නොහැකි බව ඔවුන් පවසා තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයට යොමුකර වාර්තාවක් ලබාගත යුතු බවට කරන ලද ඉල්ලීමකට අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා තාජුඩීන්ගේ වාහනය හා ඒ පසුපස එන වාහනයක දර්ශන දැක්වෙන සී.සී.ටී.වී දර්ශන කොළඹ විශ්වවිද්‍යාලයට යොමුකර තිබිණි.