තමන්ට පොරොන්දු වූ ඉල්ලීම් හා දීමනා ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා තාක්ෂණික හා කාර්මික නිලධාරීන් පැවැත්වූ විරෝධතාවක් අද (07දා) කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී පැවැත්විණි.
තම ඉල්ලීම්වලට සාධාරණයක් වර්තමාන රජය ඉටුනොකළොත් සියලුම රාජ්‍ය අංශ සේවකයන් සම්බන්ධ කරගෙන ලබන සිකුරාදා සිට දීප ව්‍යාපත වැඩවර්ජනයක් සිදු කරන බව ශ්‍රී ලංකා තාක්ෂණික හා කාර්මික නිලධාරීන්ගේ සංගමයේ සභාපති පැවසීය.
තමන් මෙම ඉල්ලීම් කරනුයේ ජනාධිපතිතුමාගෙන් හා අගමැතිතුමාගෙන් පමණක් බවත්, වෙනත් කිසිම ඇමතිවරයෙකුගෙන් ඉල්ලීම් නොකරන බවත්, ඉල්ලීම් 06ක් මුල්කොට ගෙන මෙම විරෝධතා ව්‍යාපාරය පවත්වන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
ඒශාන් ප්‍රනාන්දු/කඩුවෙල - අසිරි දමින්ද/ ලහිරු හර්ෂණ