අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මූල්‍ය අපරාධ කොට්ඨාශය වැනි ආයතන දේශපාලන න්‍යාය පත්රවලට වැඩ නොකළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිර්සේන මහතා අවධාරණය කළේය.
යම් ගැටලූවක් මතුව ඇත්නම් ඒ පිලිබඳව පරික්ෂා කළයුතු ක්‍රමවේදයක් තිබෙන බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා නීතිය සෑම කෙනෙකුටම සාධාරණ විය යුතු බව ද අවධාරණය කළේය.
රටේ නිදහස, ප්රජාතන්ත්රවාදය මෙන්ම මානව අයිතීන් සුරක්ෂිත කර වංචාවෙන් දූෂණයෙන්, අක්රමිකතාවයෙන් තොර රටක් ගොඩනැඟීමට මෙම ආයතන ස්ථාපිත කළ බවද ජනාධිපතිවරයා පැවසූයේ අද (12දා) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති “සත්විරු සංහිඳ” නිවාස හා ඉඩම් හිමිකම් ප්රදානෝත්සවය අමතමිනි.
යුධ, ගුවන්, නාවික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් දේශපාලන අතකොළු බවට පත් කර නොගන්නා ලෙස ද මෙහිදී සියලූදෙනාගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා සැබෑ ලෙසම රටට ආදරය කරන, ජාතික ආරක්ෂාවට ගරු කරන කිසිවෙකුට එසේ කළ නොහැකි බවද කියා සිටියේය.
කිසිදු අවස්ථාවක ආරක්ෂක අංශ දුර්වල කිරීමට සහ රණවිරුවන් අපකීර්තියට පත්වන සිදුවීම් සඳහා ඉඩ තැබීමට තමා කටයුතු නොකළ බවද පැවසූ ජනාධිපතිවරයා පසුගිය දිනවල හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතිවරු තිදෙනෙකු අධිකරණයට ගෙන ගිය ක්‍රමවේදය පිලිබඳව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස තමාට එකඟවිය නොහැකි බව කියා සිටියේය.
උසාවියට දුරකථන ඇමතුම් ලබාදීම, ස්වාධින කොමිෂන් සභාවලට ඇඟිලි ගැසීම හෝ විනිශ්චයකාරවරුන්ට බලපෑම් කිරීම, අපරාධ, මංකොල්ල කෑම් සහ ස්ත්‍රී දූෂණ වැනි බරපතළ චෝදනා ලැබූ පිරිස් නිදහස් කිරීම තම ප්‍රතිපත්තිය නොවන අතරම රටේ නිදහස ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරමින් රටේ සියලූ ජනතාව වෙනුවෙන් වූ යුගයේ වගකීම ඉටු කිරීමට තමා ජනාධිපති ධූරයට පත්වූ බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී කියා සිටියේය.
සංග්‍රාමයේ දී එක්ව සිය සක්‍රිය සේවාව ලබාදී දැනට සේවයේ නිරත, ආබාධිත වූ හා විශ්‍රාම ලැබූ ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සත්විරුවන්ට නිවාස ඉදිකර දීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත “සත්විරු සංහිඳ” වැඩසටහන ක්‍රියාත්මකය.
සත්විරු සංහිඳ නිවාස හා ඉඩම් ප්‍රතිලාභීන් 138 දෙනෙකුට මෙහිදී නිවාස හා ඉඩම් හිමිකම් පත්‍ර ප්රදානය කෙරුණු අතර එය සංකේතවත් කරමින් 10 දෙනෙකුට හිමිකම් පත්‍ර ප්රදානය අතින් සිදු විය.