ත්‍රිරෝද රථ සේවාව නියාමනය කිරීම බව පවසමින් කර්මාන්තය අර්බුදයකට ලක්කිරීමට නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය වහාම අවලංගු කර දැමිය යුතු බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමය සඳහන් කරයි.
එසේ නොමැති වුවහොත් ලබන සතියේ දිනක ප්‍රවාහන අමාත්‍යවරයාගේ නිල නිවස වටකර විරෝධතා ව්‍යාපාර සිදුකරන බවද එම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා අවධාරණය කළේය.
චීනයෙන්, ඉන්දියාවෙන් ගෙන්වන රුපියල් 3000 ක් 3500 ත් අතර මුදලක් වටිනා ත්‍රි‘රෝද රථ මගී ගාස්තු මීටරය, රුපියල් 18,000 ත් 20000 ත් අතර මුදලකට විකුණා ගැනීමේ පටු අරමුණින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන බවද අද (10දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සභාපතිවරයා සඳහන් කළේය.
සියලුම දේ කිරීමට පෙර ත්‍රිරෝද රථ ලියාපදිංචි කර එය නියාමනය කිරීමට අදාළ වැඩ කටයුතු සිදුකළ යුතු බවද පවසා සිටියේය.