ඉන්දියාවේ නිශ්පාදිත ත්‍රිරෝද රථ ශ්‍රී ලංකාවට ආනනය සීමා කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඔවුන් මේ බව වාර්තා කරයි.
අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ ශ්‍රී ලංකාවේ මාර්ගයන්ට දරා ගත නොහැකි ආකාරයට ත්‍රිරෝද රථ ශ්‍රී ලංකාව තුළ පවතින බවත් එය බොහෝමයක් මාර්ග අනතුරු සඳහා හේතුවක් වී ඇති බවත්ය.
“ අපිට මිලියනකට අධික (මිලියන 1.2ක) ත්‍රි රෝද රථ මාර්ගවල තිබෙනවා. මීට වඩා ත්‍රි රෝද රථ මාර්ගයන්ට දරා ගන්න බෑ. සිදුවන මාරාන්තික අනතුරුවලදී 18%ක් පමණ ත්‍රිරෝද රථ හේතුවෙන් සිදුවෙන්නේ” යැයි අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සඳන් කළේය.
යම් හෙයකින් ශ්‍රී ලංකාවට ත්‍රිරෝද රථ ආනනය කිරීමට සීමා පැනවුවහොත් එය ඉන්දීය ත්‍රිරෝද රථ කර්මාන්තයට විශේෂයෙන් බජාජ් සමාගමට ගැටලුවක් වෙනු ඇති බවත් ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.