ත්‍රිපෝෂ හිඟයක් නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. මාස 10ට වැඩි ළදරුවන්ට සහ ගැබිනි මවුවරුන්ට ලබාදෙන ත්‍රිපෝෂ කඳානේ පිහිටි ත්‍රිපෝෂ නිෂ්පාදනාගාරයේ නිෂ්පාදනය කෙරෙයි.
එම නිෂ්පාදනාගාරයට නවීන යන්ත්‍ර සූත්‍ර සවිකිරීම පසුගිය මාස කිහිපයේ සිදු කෙරුණු බවත්, ඒ හේතුවෙන් නිෂ්පාදන කටයුතු මාස 02 ක කාලයක් නවතා තිබුණු බවත්, අමාත්‍යවරයා සඳහන් කරයි.
නව යන්ත්‍ර සූත්‍ර සවි කිරීමේ කටයුතු ඔක්තෝබර් මස අවසන් කිරීමට නියමිත බවත්, කෙසේ වෙතත් පැරණි යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් නිෂ්පාදන කටයුතු මීට දින 10කට පෙර ආරම්භ කළ බැවින් ත්‍රිපෝෂ බෙදාහැරීම් ආරම්භ කරමින් සායන හරහා නොකඩවා ලබාදීමට කටයුතු යොදා ඇති බවත්, අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.