කොළඹ බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද ස්වාමීන් වහන්සේ අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ මහානායක ධුරයෙන් පිදුම් ලැබූහ.
උන්වහන්සේ වෙත එම ධුරය පිළිබඳ අක්තපත්‍ර පදානය කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් අද (4දා) මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේදී පැවැත්විණි.