ත්‍රිකුණාමල මුහුදු ප්‍රදේශයේ මළසිරුරු කිහිපයක් පාවෙන බවට ලැබී තිබෙන තොරතුරු මත නාවික හමුදාව සිදුකරන මෙහෙයුමට සහායක් වශයෙන් ගුවන් හමුදා යානාවක් යොදාගෙන එම තොරතුරු ලැබී තිබෙන ප්‍රදේශය නිරීක්ෂණය කරන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග්කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය. අදාළ ප්‍රදේශ නිරීක්ෂණය කළද අද (07දා) සවස 5.30 දක්වා කිසිදු තොරතුරක් නොලැබුණු බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේය.