ත්රිකුණාමලය සිට කොලඹ බලා ධාවනය වෙමින් තිබු දුම්රියට පුද්ගලයෙකු ගැටීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබේ.
හබරණ ප්රදේශයේදී අද (26දා) මෙම අනතුර සිදුව ඇති බවත් මිය ගිය පුද්ගලයා මෙතෙක් හදුනා ගෙන නොමැති බවත් හබරණ පොලිසීයේ ප්රකාශකයෙකු පැවසීය.
මිය ගිය පුද්ගලයාගේ මළසිරුර හබරණ රෝහලේ තැම්පත් කර ඇති අතර ඔහුගේ වයස අවුරුදු 60 ක් පමණ වන බවයි එම ප්රකාශකයා වැඩි දුරටත් කියා සිටියේ.
සිද්ධිය පිළිබඳව හබරණ පොලීසීය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.