ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදී කටයුතු සිදුකීරීම සඳහා රටවල් 30කට අධික සංඛ්‍යාවක එල්.ටී.ටී.ඊ. සංවිධානයට අනුබද්ධ සංවිධාන අරමුදල් එක්රැස් කීරීමේ කටයුතු සිදුකළ බවත් එම සංවිධාන නැවතවරක් ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදය පණගැන්වීම සඳහා කටයුතු කරමින් සිටින බවත් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.
එසේම ඔවුන් ශ්‍රී ලංකා විරෝධී ප්රචාරක කටයුතු සිදුකරමින් සිටින බවද ආරක්ෂක ලෙකම්වරයා පෙන්වා දුන් බව ඉන්දියාවේ 'ද හින්දු' පුවත් සේවය සඳහන් කළේය.
මැලේසියාවේ පැවැත්වෙන ප්‍රාදේශීය ආරක්ෂක හා සුරක්ෂිතතා සමුළුව අමතමින් ලේකම්වරයා මෙම අදහස් ප්‍රකාශ කළ බවත් හින්දු පුවත් සේවය පවසයි.
අදාළ සංවිධාන 1993 වසරේ සිට 2002 වසර තෙක් වසරකට ඩොලර් මිලියන 50ත් 70ත් අතර ප්‍රමාණයක්ද, 2002 වසරේ සිට 2008 වසර දක්වා වසරකට ඩොලර් මිලියන 200කට ආසන්නවද අරමුදල් රැස්කරගෙන තිබෙන බවත් ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දී තිබේ.
එසේම වර්තාමානයේ ක්‍රියාත්මක වෙමින් තිබෙන මෙම සංවිධානයන්හි ක්‍රියාකාරීන් පුහුණුව ලත් ත්රස්තවාදීන් බවත් ඔවුන් විවිධ නීතිවිරෝධී කටයුතුවල නිරතවෙමින් ශ්‍රී ලංකාව තුළ නැවතවරක් ත්‍රස්තවාදය පණගැන්වීම සඳහා කටයුතු කරමින් සිටින බවත් ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් පවසා තිබේ.