ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් 63 දෙනෙකු නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එම්.බී. රෝහණ පුෂ්පකුමාර මහතා පැවසීය.
ඒ යටතේ රැඳවියන් 31 දෙනෙකු නිදහස් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව අදාළ රජයේ නීතීඥවරුන් වෙත අද (11දා) දිනයේදී උපදෙස් ලබාදෙනු ඇතැයි ඒ මහතා පවසා සිටියේය.
මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා, නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්ය ආයතන සමග සාකච්ඡා පවත්වා ඇප මත නිදහස් කළ හැකි සැකකරුවන් නිදහස් කරන්නැයි නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙන බවද අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
මෙම සැකකරුවන්ගේ නීතීඥ මහත්වරුන් විසින් ඇප අයදුම්පත් අදාළ අධිකරණවලට යොමු කිරීමෙන් අනතුරුව එම අයදුම්පත් සලකා බලනු ඇතැයි පුෂ්පකුමාර මහතා කීය.
ඊළඟ අදියරේදී තවත් රැඳවියන් 32 දෙනෙකු ඇප මත මුදාහැරීමට කටයුතු යොදා ඇතැයිද හෙතෙම ප්රකාශ කළේය.අනෙකුත් රැඳවියන් සම්බන්ධයෙන් පවත්නා නඩු කටයුතු අධීක්ෂණය කර ලබාදිය හැකි උපරිම සහන ලබාදීමට පියවර ගන්නා බවද පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මහාධිකරණයේ සැකකරුවන් 116කටද, මහේස්ත්රාත් අධිකරණයේ සැකකරුවන් 52කටද නඩු පවරා තිබෙන බවයි. ඉන් සැකකරුවන් 10 දෙනෙකු අභියාචනා ඉදිරිපත් කර තිබෙන බවද ඔහු කීය.