ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් මේ වනවිට යේමනයේ හටගෙන ඇති අනාරක්ෂිතාව හේතුවෙන් දින දෙකක් ඇතුළත එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිස් යළි ගෙන්වාගැනීමට තීරණය කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගලරන්දෙණිය මහතා කියා සිටියේ දැනට ශ්‍රී ලාංකිකයන් 70 ක් පමණ එහි සිටින බවට කාර්යාංශයට වාර්තා වන බවත්, මෙම පිරිස වැඩිවීමට ඉඩ තිබෙන බවත්ය. ඕමානයේ තානාපති කාර්යාලය හරහා මෙම පිරිස මෙරටට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බවද රන්දෙණිය මහතා ප්‍රකාශ කළේය.