තහනම් දැල් ආම්පන්න භාවිත කරමින් මසුන් මැරීමේ කටයුතුවල නිරත වූ ධීවරයින් 14දෙනෙකු චැපල් දූපත සහ ඉරණතිව් යන ප්රදේශයන්ට ඔබ්බෙන් වු මුහුදු ප්රදේශවලදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව සඳහන් කළේය.
චැපල් දූපතට ඔබ්බෙන් වු මුහුදු ප්රදේශයේ ධීවරයින් 10 දෙනෙකුත්, ඉරණතිව් ප්රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්රදේශයේ දී ධීවරයින් සිව්දෙනෙකුත් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ ධීවරයින් ඉදිරි විමර්ශන සඳහා ත්රීකුණාමල වරාය පොලීසියට සහ කිළිනොච්චිය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරන බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.