ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට කවුරු පත් වුවද, එම තනතුරට එන ඕනෑම අයෙකු සමග කටයුතු කිරීමට සූදානම් බව හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය හා එක්සත් ජනතා නිදහස් සන්ධාන පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රියංකර ජයරත්න මහතා පවසයි. ඇමතිවරයාගේ දේශපාලන කටයුතු පිළිබඳව මෙන්ම ඉදිරියේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට එක්වෙනවාද යනුවෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් හෙතෙම මෙම අදහස් දැක්වීය.
මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් පෙනී සිටි පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පල කරමින් එක් වී ඇති බවයි.
කෙසේ වෙතත් තමන්ට ඒ සඳහා කිසිඳු ආකාරයක ආරාධනයක් ලැබී නැති බවත්, එසේ ආරාධනා ලැබෙන තෙක් බලා සිටින බවත් ඔහු පැවැසීය.