වෙනත් සුරූපී කාන්තාවකගේ මුහුණක් තමන්ගේ ෆේස්බුක් ගිණුම හරහා මුදාහැර තිබූ 19 හැවිරිදි තරුණියක් එම සුරූපී ජායාරූපයට පෙම්බැඳි තරුණයෙකු හා ඇති කරගත් සබඳතාවකින් පසුව අදාළ තරුණයාට මුහුණදීමට නොහැකිව අද (19දා) දිනයේදී ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබේ.
සුරූපී මුහුණට රැවටුණු තරුණයෙකු හා මියගිය තරුණිය අතර මාස 06කට ආසන්න කාලයක පටන් පෙම් සබඳතාවක් පවත්වා තිබේ. නමුත් තම පෙම්වතිය බැලීමට තරුණයා ඊයේ (18දා) පෙම්වතියගේ නිවසට පැමිණ ඇති අතර, තරුණයාට මුහුණදීමට නොහැකිව ඇය කනස්සල්ලෙන් සිට ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.