දිවයිනට බලපා ඇති වැසි රහිත කාලගුණික තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
හෙට (10දා) දිනය වෙනුවෙන් අද (09දා) මධ්‍යහ්න 12.30ට නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව සහමධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සිහින්වැසි ඇති විය හැකි බවයි.
එසේම ඌව පළාත තුළත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ දැක්වේ.