අතීතයේ ගෝකන්න තිත්ත ලෙස හැඳින්වූ ත්‍රිකුණාමලයේ වරාය ආශ්රිත පැරණි වාරාය නගරයක හෝ වෙළෙඳාම් සිදුකළ ස්ථානයක කොටස් හඳුනාගැනීමට පුරාවිද්‍යාඥයන් සමත්වී ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල්‘ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා &අද* ට පැවසීය.
පුරාවිද්‍යාත්මක නිරීක්ෂණ අනුව ත්‍රිකුණාමලය මුහුදු සීමාවෙහි ෆෙඩ්රික් බළකොටුවේ සිට මීටරු 500ක් උතුරු දිශාවෙන් වර්ග කිලෝමීටර් භාගයක පමණ ගොඩබිමට පැතිරීමක් ඇති ආකාරයෙන් වන ප්‍රදේශය මෙය වන අතර පිඟන් භාණ්ඩ කැබලි විශාල ප්‍රමාණයක් මෙහි ගවේෂණ කටයුතුවලින් සොයාගැනීමට හැකිවූ බවත් ගුණවර්ධන මහතා පැවසීය.
අනුරාධපුර යුගයේ සිට යටත් විජිත කාලය දක්වාම වූ කාල පරාසය තුළ දේශීය වශයෙන් නිෂ්පාදනය කළ මෙන්ම විදෙස් රටවලින් ආනයනය කළ පිඟන් භාණ්ඩ කැබලි කැණීම් මගින් හමුවී ඇති අතර චීනය ඉරානය ඉන්දියාව නෙදර්ලන්තය යන රටවල පිඟන් භාණ්ඩ වැඩි වශයෙන් හමුවූ බවත් හෙතෙම කීය.
මෙම කොටස පැරණි ගෝකන්න තිත්ත වරාය නගරය හා ඉතාම සමීප සම්බන්ධතාවක් පවත්වා ඇති බවට පැහැදිලිව තහවුරු වී ඇති අතර ඇතැම්විට මෙය ජනාවාස කොටසක් හෝ නගරය ක්‍රියාත්මක වූ කොටසක් විය හැකි බවද ඒ සම්බන්ධයෙන් වැඩිදුර ගවේෂණ සිදුකර අදාළ තහවුරු කරගැනීම් සිදුකරන බවද අධ්යක්ෂ ජනරාල්වරයා පැවසීය.
වරයා නගරය යනු පටුනු ගමක් ලෙස පැරණි වාර්තා තුළ හඳුන්වා ඇති අතර ගෝකන්න තිත්ත වරාය පොළොන්නරුව යුගයේදී ප්‍රබලත්වයෙන් යුතුව කටයුතු කර ඇති බව වාර්තාවල සඳහන් වන බවද ගුණවර්ධන මහතා කීය.
පොළොන්නරුව යුගයේදී මෙම වරාය විශාල කාර්යක් සිදුකර ඇති බව වාර්තාවල සඳහන් වෙනවා පොළොන්නරු ශිෂ්ටාචාරය තුළ අග්නිදිග ආසියාතික රටවල් සමග දීර්ඝ ලෙස වෙළෙඳාම් කළ ඓතිහාසික වරාය නරගරයක් බවද ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.
එමෙන්ම අතීතයේ මෙරට ප්‍රධානතම වරායක් ලෙස මන්නාරම ප්‍රදේශයේ මහාතිත්ත වරාය හැඳින්විය හැකි බවත් එය අනුරාධපුර රාජධානියේ සිට 15 වන සියවස දක්වාම විශාල ක්‍රියාදාමයක් කළ වරායක් බවට තහවුරු වී ඇති බවද ඒ මහතා පවසා සිටියේය.
සේද මාවත හරහා ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ ගනුදෙනු කර ඇත්තේ මෙම වරාය හරහා වන අතර ඒ හැරුණු කොට වරාය නගර 35 පමණ වංශ කථාවල සඳහන් වන බවත් පුරාවිද්‍යාත්මක වශයෙන් මේවායින් 12 පමණ සොයාගෙන ඇතිබවද ගුණවර්ධන මහතා තහවුරු කළේය.
ගෝකණ්න තිත්ත - ත්‍රිකුණාමලය වරාය පිළිබඳවද අනුරාධපුර යුගයේ සිට වාර්තා ඇති අතර මහාවංශ ටීකාවේ සඳහන් පරිදි පණ්ඩුවාසුදේව රජතුමා ක්‍රි.පූ. 04 සියවසේදී මෙරටට ගොඩ බැස ඇත්තේද මෙම වරායෙනි.