අනුරාධපුර කුරුණෑගල හා මාතලේ දිස්ත්රික් තුනට මායිම්ව පිහිටා ඇති කහල්ලපල්ලෙ කැලේ අභය භුමියේ ඊයේ (03දා) රාත්රියේ දඩයමේ ගොස් මුවෙක් මිමින්නෙක් වෙඩි තබා මරා රැගෙන යමින් සිටි තුන් දෙනකු තිවිල් රථයක් හා ගිනි අවි දෙකක් සමග අද (04දා) අලුයම ගලේවෙල පොල්පිතිගම රක්ෂිත මායිමේදී වන ජීවී නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් පිරිස ගලේවෙල වහකෝට්ටේ ප්රදේශයේ පදිංචිකරුවෝ වෙති. ඔවුන් රැකියාවක් ලෙස සිගිරිය, මින්නේරිය, හබරණ, කහල්ලපල්ලෙ කැලේ ,දිගම්පතහා රක්ෂිතවල රැදී සිටිමින් දඩයමේ යන බව වන ජීවී නිලධාරීහු කියති.