තායිවානයේ ට්රාන්ස් ඒෂියා ගුවන් සේවයට අයත් ATR 72 යානය සිදුකළ හදිසි ගොඩබෑමක් අසාර්ථක වීමෙන් සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් පුද්ගලයන් 47ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
පෙන්හු දූපත් ආශ්රිත මැගොන්ග් ගුවන් තොටුපළ ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති අතර, ඒ හේතුවෙන් පුද්ගලයන් 11 දෙනෙකු තුවාල ලබා ඇත.
ගුවන් යානය අනතුරට පත්වන අවස්ථාවේදී ඒ තුළ මගීන් 54ක් සහ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකු සිටි බව තායිවාන සී.එන්.ඒ. පුවත් සේවය පවසයි.
ද්විත්ව එන්ජින් සහිත දුම්රිය මෙම හදිසි ගොඩබෑමේදී නිවාස සහිත ජනාකීර්ණ ප්රදේශයක් වෙත පතිත වී ඇති බවටද තොරතුරු වාර්තා වන අතර, මේ හේතුවෙන් නිවාස කිහිපයක් ගිනිදෙන දැවෙන බවද කියවුණි.