විහාරදේවාලගම් පනත, කතිකාවත් පනත, බෞද්ධ ප්‍රකාශන නියාමන පනත, සිල්මාතාවන්ගේ කටයුතුවලට අදාළ පනත යන පනත් කෙටුම්පත් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව බුද්ධ ශාසන, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන හා ප්රජාතන්ත්රීය කටයුතු පිළිබඳ අමාත්‍ය කරු ජයසූරිය මහතා අද (01දා) ප්‍රකාශ කළේය.
එම පනත්වලින් 98% ක්ම සකස්කර අවසන් බවත්, සුළු සුළු කාරණා කිහිපයක් නිවැරදි කර ගැනීමට තිබෙන බවත් ඇමතිවරයා සඳහන් කළේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මේ බව කියා සිටියේය.