(VIDEO) තමන්ට සිදුවූ අසාධාරණයට සාධාරණය ඉෂ්ඨ වූ බවත් ආණ්ඩුව වෙනස් නොවුණානම් සිය පියාගේ ඝාතනයේ සම්බන්ධයෙන් අද ලබාදුන් තීන්දුව ප්‍රකාශ නොවීමට ඉඩ තොතිබුණ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවැසුවාය.
සිය පියාගේ ඝාතනය පිළිබඳ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව මාධ්‍ය අමතමින් ඇය මේ බව පැවැසුවාය. එසේම තව කෙනෙක් විපතට පත්වූ විට ඒ දෙස බලා සතුටුවීමට තරම් තමා අමානුෂික නොවන බවද ඇය පැවැසුවාය.
"ආණ්ඩුව වෙනස් වුණේ නැතිනම් සමහරවිට මේ තීන්දුව වෙනස් වෙන්න ඉඩ තිබුණා. අලුත් ජනාධිපතිකෙනෙක් මේ රටට ඇවිල්ලා නීතියේ ස්වාධිපත්‍ය ආරක්ෂාවුණ නිසා තමයි හරි තීන්දුවක් ලැබුණේ.
සතුටු වෙන්න බෑ. මොකද හැම කෙනාටම ලබාදුන්නේ මරණ දඩුවම. තව කෙනෙක් දුක්වෙන එක දිහා බලලා සතුටුවෙන්න තරම් අමානුෂික නෑ අපි. අසාධාරණයක් වුණා. අදටත් අපි දුක්විදින් නැති දවසක් නෑ. අදටත් ගෙදර ගියොත් තාත්තගේ කටහඩ ඇහෙනවා වගෙයි."
.jpg)
වීඩියෝ අනුග්‍රහය ජාතික රූපවාහිනය