ඇෆ්ගනිස්තාන තලේබාන් සංවිධානයේ හිටපු නායක මුල්ලාහ් ඕමාර්ගේ මරණය තහවුරු වීමත් සමග එම සංවිධානය දෙකඩවීමේ තවත් සලකුණක් ලෙස එහි දේශපාලන අංශ නායක සයීඩ් ටයාබ් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
නිවේදනයක් නිකුත් කර ඇති ඔහු තමන් සංවිධානයේ දේශපාලන අංශ නායකත්වයෙන් ඉවත් වන බව පවසා තිබේ.
එහිදී, හිටපු නායක මුල්ලාහ් ඕමාර්ගේ ඝාතනය තහවුරු වීමෙන් පසු මුල්ලාහ් අඛ්තාර් මන්සූර් සංවිධානයේ නාකත්වයට පත්කරගත් ක්රමවේදය ඔහු එම නිවේදනයෙන් දැඩි ලෙස විවේචනයට ලක්කර තිබේ.
පසුගිය බ්රහස්පතින්දා ඇෆ්ගනිස්තාන තලේබාන් සංවිධානයේ නව නායකයා ලෙස මුල්ලාහ් අඛ්තාර් මන්සූර් තෝරාගැනුණු අතර, ඔහුගේ පත්වීම සම්බන්ධයෙන් සංවිධානයේ පිරිසක් සිය අකමැත්ත පෙන්වීම තුළ සංවිධානය තුළ දෙකඩවීමක් දක්නට ලැබෙන බව විදෙස් වාර්තා පවසයි.