විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පසුගිය රජය සමයේදී අවිධිමත් ආකාරයෙන් සිදුවූ ගනුදෙනු සම්බන්ධයෙන් ඉදිරියේදී මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි කිරීමට සූදානම් වන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පසුගිය සමයේදී විවිධ නාස්තිකාර හා ව්‍යාජ ගනුදෙනු සිදුවී ඇති බවත්, විශේෂයෙන් ව්‍යාජ තොරතුරු සපයමින් ආණ්ඩුවේ ප්‍රබල කාන්තාවන්ගේ ගිණුම්වලට මුදල් ලබාදී ඇති බවත් අමාත්‍යවරිය එහිදී පැවසුවාය.
මෙහිදී අලුත් රජය භාරගැනීමත් සමග කාර්යාංශයේ ගනුදෙනු ගෙවීම සම්බන්ධව පත්කළ විශේෂ විමර්ශන ඒකකය හරහා මෙම තොරතුරු ලැබුණු බවත්, ඒ අනුව මෙම තොරතුරු සැලකිල්ලට ගෙන විගණකාධිපතිවරයා මේ පිළිබඳව ලබාදුන් තොරතුරු අනුව විගණකාධිපති විමර්ශනයේදී ලැබෙන තොරතුරු අනුව මූල්‍ය අපරාධ කොට්ඨාසයට යාමට සූදානම් බව අමාත්‍යවරිය වැඩිදුරටත් පවසා සිටියාය.