ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තාවක ලෙස නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේදී අද (25දා) අධිකරණ අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නාය. විදේශ රැකියා අමාත්‍ය ධුරයට අමතරව අධිකරණ අමාත්‍ය ධුරයද ඇයට හිමිවිය.
2002 ජනවාරි 01 වැනිදා ගාමිණී අතුකෝරළ මහතාගේ අභාවයෙන් පසු දේශපාලනයට පිවිසි තලතා අතුකෝරළ මහත්මිය, ප්‍රථම වරට 2004 වසරේදී මැතිවරණයට ඉදිරිපත් වෙමින් රත්නපුර දිස්ති‍්‍රක්කයේ එක්සත් ජාතික පක්ෂයේ පළමු වැන්නා ලෙස මානාප දිනා ගනිමින් පාර්ලිමේන්තුවට පිවිසුණාය.
අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විජයදාස රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමත් සමගින් හිස්වූ අධිකරණ විෂයයට අතුකෝරළ මහත්මිය පත්කර තිබේ.