තරුණියකට අමානුෂික අන්දමින් පහරදුන් තරුණයන් දෙදෙනෙක් පිළිබඳව අන්තර් ජාලය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වූ වීඩියෝ සිටි තරුණයාට කිසියම් පිරිසක් විසින් පහරදී තිබේ.
යතුරු පැදිවලින් පැමිණි නාදුනන පිරිසක් ප්‍රහාරයක් එල්ල කර පළාගිය බව එම තරුණයා කටුනායක පොලිසියට පැමිණිලි කර ඇත.
පහරදීමෙන් තරුණයාගේ එක් ඇසක් තරමක් ඉදිමී තිබූ අතර ඒ සඳහා ඉක්මන් ප්‍රතිකාර ලබා ගැනීමට පොලිසිය උපදෙස් දී ඇත.
වසරක් පමණ පැරණි මෙම සිද්ධිය ප්‍රචාරය කිරීම නිසා තමන් මෙවැනි අකරතැබ්බයකට පත් වූ බවද කියා ඇති තරුණයා පහරදීම සම්බන්ධයෙන් පියවර ගැනීම අනවශ්‍ය බවද පවසා තිබේ.
මීරිගම කාන්ති