එකතු කළ අගය මත බදු පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව වන විවාදයේදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා දිගින් දිගටම සභාව තුළ කතා කිරීම හේතුවෙන් සභාවේ නොසන්සුන් කාරී තත්ත්වයක් ඇතිවිය.
එම පනත් කෙටුම්පත පිළිබඳව නීතිපති වාර්තා ප්රමාණවත් නොවන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් පැවැසූහ. එහිදි මන්ත්රී විමල් වීරවංශ මහතා දිගින් දිගටම කතා කළ අතර කතානයකවරයා මන්ත්රීවරයාට පැවැසුවේ 'මට තර්ජනය කරන්න එපා' යනුවෙනි.