ටෙස්ට් කණ්ඩායමෙන් මාස 6 ක කාලයක් විවේක ගැනීමට ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක උපුල් තරංග ගත් තිරණය ගැන තමන් හා සාකච්ඡා නොකළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායෙම් තාවකාලික පුහුණුකරු නික් පෝතාස් පැවැසීය.
ඉන්දීය කණ්ඩායම සමගින් පැවැති විස්සයි20 තරගය අවසානයේදී පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව ඊයේ (06දා) ප්‍රකාශයට පත්කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳුදා දිනයේදී උපුල්ගේ තීරණය ප්‍රකාශ කළේය.
සීමත පන්දුවාර තරග පිළබඳව වැඩි අවධානයක් යොමුකිරීමට තරංග මෙම තීරණය ගෙන ඇති බව එම නිවේදනයේ දැක්විණ.
“ මම දන්නේ නෑ. ඔහු මාත් සමග ඒ ගැන කතා කළේ නෑ” යැයි පෝතාස් තරංගගේ තීරණය පිළිබඳව අදහස් දක්වමින් පැවැසීය. “ඔබ ඒ ගැන ඔහුගෙන් අහන්න ” යැයිද කීවේය.