තමිල්නාඩු රජය විසින් රජිවි ගාන්ධි ඝාතනකයන් නිදහස් කිරීමට ගත් ක්රියාමාර්ගයට විරෝධය පළකරමින් තමිල්නාඩු තරුණ කොංග්රසය අද (22දා) චෙන්නායි නුවරදී උපවාසයක් ආරමභ කළ බව ‘ද හින්දු’ පුවත් සේවය පවසයි.
තමිල්නාඩුවේ සිර කඳවුරුවල 4000කට ආසන්න චූදිතයන් පිරිසක් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විදින බවත් ඔවුන් නොසලකා රජිව් ගාන්ධි ඝාතකයන් පමණක් නිදහස් කිරීමට තමිල්නාඩුව කටයුතු කරන්නේ ඇයි දැයි තමිල්නාඩු තරුණ කොංග්රසය ප්රශ්ණ කරයි.
රජිව් ගාන්ධි ඝාතනයේ චූදිතයන් නිදහස් කිරීමට එරෙහිව තමිල්නාඩුව තුළින්ම විරෝධයක් පැන නගුණ පළමු අවස්තාව මෙය වෙයි.
ජායාරූපය ‘ද හින්දු’ ඇසුරෙනි