ශ්‍රී ලංකාවේ සිදුවූවා යැයි පැවසෙන යුද අපරාධවලට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී යෝජනාවක් ගෙනෙන ලෙස ඉල්ලමින් තමිල්නාඩු සිසුන් 12 දෙනෙකු ඊයේ (13දා) සිට අඛණ්ඩ උපවාසයක් ආරම්භ කර ඇති බව ‘ද හින්දු’ පුවත් සේවය මීට සුළු මොහෙතකට පෙර වාර්තා කළේය.
තිරුචි නීති විද්‍යාලයේ සිසුන් 12 දෙනෙක් මෙසේ උපවාසයේ නිරත වී සිටින බව හින්දු පුවත් සේවය පවසයි. පසුගිය සෙනසුරාදා දිනයේදීත් තමිල්නාඩු සිසුන් 09 දෙනෙකු ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කරන ලෙස ඉල්ලමින් උපවාසයේ නිරතවුවත්, බදාදා (12දා) ඔවුහු උපවාසයෙන් ඉවත්වූහ.
ඡායාරූපය 'ද හින්දු' ඇසුරෙනි