පේදුරුතුඩුව, මාන්දිගායි ප්රදේශයේදී ගංජා මිශ්ර යැයි සැකකල හැකි ඉන්දියාවේ නිෂ්පාදිත සුවදැති පුවක් පැකට් සන්තකයේ තබා ගෙන සිටි ඉන්දියන් ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
සැකකරු සන්තකයේ තිබී එම වර්ගයේ පැකට් 238 ක් සොයා ගෙන තිබේ. සැකකරු වයස අවුරුදු 32 ක් වන තමිල්නාඩු ප්රදේශයේ පදිංචිකරුවෙකි. අත්අඩංගුවට ගත් සැකකරු පේදුරුතුඩුව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 22දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.