වෙන්නප්පුව, තෝප්පුව හන්දියේ පිහිටි රාජ්ය බැංකුවක් කොල්ල කෑමට සැලසුම් කළ එහි කළමනාකාරවරයා ඇතුළු 05 ක් ඊයේ (02දා) සවස අත්අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලීසිය පවසයි.
ඉකුත් 18දා රාජ්ය බැංකුවක් කොල්ල කෑමට දැරූ උත්සාහයක් පිළිබඳ වෙන්නප්පුව පොලීසියට කළ දැනුම්දීමක් මත එහි ගිය පොලිස් අපරාධ විමර්ශන අංශයේ නිලධාරින්ව විසින් බැංකුවේ සේප්පුව කැඩීමට උත්සාහ කර අතහැර දමා ගිය ගෑස් සිලින්ඩරයක් සහ කැපුම් උපකරණ කීපයක් සෙයාගෙන තිබිණි.
බුද්ධි අංශ තොරතුරු ඔස්සේ සිදුකළ පරීක්ෂණ වලින් අනතුරුව එම බැංකුවේ කළමනාකාරවරයා අත්අඩංගුවට ගෙන ප්රශ්න කිරීමේදී අනෙක් සකකරුවන්ද අත්ඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි.
විශාල ණය බරකින් සිටින මෙම කළමනාකාරවරයා බැංකු කොල්ලය සිදුකර තමන්ගේ ණය බර නිදහස් කර ගැනීමට උත්සාහ කර ඇති බවට තොරතුරු හෙළි වූයේ යැයිද පොලීසිය පවසයි.
නයිනමඩම චන්දන ප්රනාන්දු