බස්නාහිර, දකුණ, මධ්‍යම හා සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, රත්නපුර හා කලුතර දිස්ත්‍රික්කවලටත් මිලි මීටර් 100-150 ඉක්මවූ වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ වර්ෂාපතන මධ්‍යස්ථානවලින් පසුගිය පැය 24 තුළදී (සැප්තැම්බර් 05 දා උදෑසන 8.30 වන විට) මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිව තිබුණ බවත් එම නිවේදනයේ දැක්වෙයි.
මේ අතර කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ඉතා තද වැි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් මුහුදු ප්‍ර දේශපලනට විටින් විට ඉතා තද සුළං (පැයට කිලෝමීටර් 70-80) දක්වා රළු මුහුදක් බලාපොරොත්තුවිය හැකි බවත් ඔවුහු වැඩිදුරටත් පැවැසීය.