දිවයිනේ නිරත දිග කොටසට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. විශේෂයෙන්ම සබරගමුව, මධ්‍යම හා බස්නාහිර පළාත්වලටත්, ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වලටත් මිලි මීටර් 100-150ක් වූ වැසි ඇතිවිය හැකි බවත් ඌව පළාතේ හා අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලට මිලි මිටර් 75-100 දක්වා වැසි බලාපොරොත්තුවිය හැකි බවත් එම නිවේදනයේ දැක්වෙයි.