තක්සේරු දෙපාර්තමේන්තුවේ කටයුතු පුද්ගලික තක්ස්රුකරුවන්ට ලබාදීමට විරෝධය පළකරමින් අද (20) සිට වෘත්තිය ක්‍රියාමාර්ගවලට පිවිසෙන බව රජයේ තක්සේරුකරුවන්ගේ සංගමය පවසයි.
එහි ලේකම් ඩී.එම්.සෙනෙවිරත්න මහතා සඳහන් කළේ ඉඩම් අත්පත්කර ගැනීම්වලට අදාළ තත්ව වාර්තා පිළියෙල කිරීම ඇතුළු ක්ෂේත්‍ර කටයුතුවලින් තම සංගමයේ සාමාජිකයන් ඉවත්වන බවයි.
රජය ඒ සඳහා නිසි ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග පුළුල් කර තක්සේරු දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී එළඹෙන බදාදා (22දා) දහවල් 12.00ට උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයිද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.