අවස්ථා දෙකකදී තංගල්ලේදී සිදු වූ වෙඩිතැබීම් සම්බන්ධයෙන් සැකකරුවන් 07 දෙනෙකු අද (18දා) තංගල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
තංගල්ල උසාවිය ඉදිරිපිට 'ආමි අමිල' නැමැත්තාට වෙඩි තැබීම සම්බන්ධයෙන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවට ඉන් දෙදෙනෙකු ඉදිරිපත් කළ අතර, ඔවුන්ව හඳුනාගැනීමට නොහැකි විය.
එම සැකකරුවන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 07 දෙනා ජූලි 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරෙණි.
රාහුල් සමන්ත