බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් මරාදමා ඔහුගේ පෙම්වතිය සමූහ දූෂණය කිරීමේ චෝදනා සඳහා වැරදිකරු වූ තංගල්ල ප්‍රදේශිය සභා සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණට අවුරුදු 20කින් ගෙවීයන පරිදි වසර 40ක සිරදඬුවමක් කොළඹ මහාධිකරණය විසින් පැනවීය.
සභාපතිවරයාට අමතරව තවත් තිදෙනෙකුට එනම් ළහිරු කැළුම්, සමන් දේශප්‍රිය හා ප්‍රගීත් චතුරංග නැමැති චූදිතයන්ටත් එම දඬුවමම කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය නියම කළාය.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි චුදිතයන් දෙදෙනෙක් නිදහස්විය.