තීන්දුව බැලීමට දෙරටේ තානාපති නිලධාරීහු පැමිණෙති
තංගල්ල ද නේච්ර් හෝටලයේ නත්තල් සාදයට සහභාගී වෙමින් සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ඝාතනය කොට ඔහුගේ පෙම්වතිය දූෂණය කළ බවට තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු 6 දෙනෙකුට එරෙහිව නඩුවේ තීන්දුව අද (18දා) දින ප්‍රකාශයට පත් ෙකරෙන අතර, එම අවස්ථාව දැක බලාගැනීම සඳහා මෙම සිද්ධියට ගොදුරු වූ වික්ටෝරියා ඇලෙක්සැන්ද්රෝවා නමැත්තිය සහ මියගිය කුරාම් ෂෙයික්ගේ වැඩිමල් සහෝදරයා ලංකාවට පැමිණ ඇතැයි වාර්තා වේ.
ඔවුන් දෙදෙනාද සමග බ්‍රිතාන්‍ය හා රුසියානු තානාපති කාර්යාලවල නිලධාරීන් පිරිසක් තීන්දුව ප්‍රකාශයට පත්කරන අවස්ථාව දැකගැනීම සඳහා කොළඹ අංක 01 මහාධිකරණයට පැමිණීමට සූදානමින් සිටින බව වාර්තා වේ.