ඩොල්ෆින් සත්වයන් මස්කර අලෙවි කරන්නන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යමහින්ද අමරවීර මහතා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් හා ජාතික වෙරළාරක්ෂක බළකායෙන් ඉල්ලිම් කර තිබේ.
අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටින්නේ, ඩොල්ෆින් දඩයම කිරීමේ නිරත ධීවරයන් වහාම අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ ධීවර බලපත්‍ර තහනම් කිරීමට තමන් තීරණය කර ඇති බවයි. මිරිස්ස ධීවර වරාය ආශ්රිත මුහුදේ වෙසෙන ඩොල්ෆින් ඇතැම් ධීවරයන් විසින් දඩයම් කරන බවටත්, මස් කරන ලද එවැනි ඩොල්ෆින් මාතර අවට ප්‍ර‘දේශවලදී අලෙවි කෙරෙන බවටත් තමන් වෙත තොරතුරු ලැබී ඇති බවද හෙතෙම සඳහන් කරයි.