මේ වසර අවසන් වීමට පෙර ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය රුපියල් 165 සීමාව ඉක්ම වනු ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (15දා) පැවසීය.
අද වන විට ඩොලරයක් සඳහා රුපියල් 160 සත 20ක් ගෙවීමට සිදුව තිබෙන බවත්, මෙය ලංකා ඉතිහාසයේ දරුණුතම රුපියල කඩාවැටීම බවත් පුංචිබොරැල්ල වජිරාශ්රමයේ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ පාලනය රට බාර දෙන අවස්ථාවේදී ඩොලරයක් සඳහා රුපියල් 131ක් ගෙවූ බවත්, වත්මන් රජයේ ආර්ථික කළමනාකරණයේ දුර්වලකම හේතුවෙන් ඩොලරයක් සඳහා ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය අසාමාන්‍ය ලෙස ඉහළ යෑම නිසා ඉදිරියේදී තවදුරටත් භාණ්ඩ මිල ඉහළ යනු ඇති බවත් බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පවසා සිටියේය.