ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබීමට උත්සාහ කළ තරුණයා අල්ලයි
ඇමෙරිකාවේ, ලාස්වේගාස් නුවරදී පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් උදුරාගෙන ඇමෙරිකානු ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත වෙඩි තැබීමට උත්සාහ කළ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මයිකල් ස්ටීවන් ස්ටෑන්ෆෝර්ඩ් නමැති 20 හැවිරිදි සැකකරු පවසා ඇත්තේ රිපබ්ලිකන් අපේක්ෂකයාට වෙඩි තැබීමට තමන් උත්සාහ කළ බවය.
කෙසේ වෙතත්, එම ස්ථානයේදී ඔහු පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව, අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති ඇත. එහිදී, ඔහු අධිකරණයෙන් සමාව අයැද සිටියත්, ජූලි 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය දන්වා තිබේ.
ආරක්ෂිත ස්ථානයක ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම යන චෝදනාව යටතේ ඔහුට විරුද්ධව චෝදනා ගොනුවී තිබේ.
අධිකරණ වාර්තාවන්ට අනුව මෙම තැනැත්තා වසරක පමණ කාලයක සිට ට්‍රම්ප් වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කර ඇතත්, ඔහුට ඒ සඳහා ධෛර්යයක් ඇති වී තිබෙන්නේ මෙම රැලිය අවස්ථාවේදීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

