ඩෙංගු රෝගය වසංගත තත්ත්වයට පැමිණ ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහතා පැවසීය.බස්නාහිර පළාතේ සහ මහනුවර දිස්ත්‍රික්කය තුළ මෙම තත්ත්වය වැඩිවශයෙන් තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.
රෝගීවූ ජනතාව රෝහල් කරා පැමිණීමේ ප්‍රමාදයක් දැකිය හැකි බවද පාලිත මහීපාල මහතා පවසා සිටියේය.
රෝහල්වලට පැමිණෙන රෝගීන් පැය ½ ක් ඇතුළත් පරීක්ෂා කරන්නැයි රෝහල්වලට දන්වා තිබෙන බවත්, දින 2 කට වඩා උණ තිබේ නම් රෝහල් කරා පැමිණෙන ලෙසත්, එවැනි රෝගී ලක්ෂණ පහළ වූවහොත් පැරසිටමෝල් පමණක් ලබා ගන්නා ලෙසත් ඒ මහතා පවසා සිටියේය.
අධ්යක්ෂ ජෙනරාල්වරයා මේ බව පැවසුවේ අද (22දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය.