සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් එළඹෙන ඔක්තෝබර් 03 දක්වා දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට නියමිත ජාතික මදුරු මර්දන සතිය අදින් (27දා) ආරම්භ වේ.
මෙහිදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 346 ක් වැඩි අවදානම්, අවදානම් සහ අඩු අවදානම් කලාප ලෙස බෙදා වැඩසටහන් ක්‍රියාත්මක වන අතර, වැඩි අවදානම් කලාප ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 26 ක් තෝරාගෙන තිබේ.
ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර, මඩකලපුව සහ යාපනය යන දිස්ත්‍රික්කවල එම වැඩි අවදානම් කලාප දක්නට ලැබෙන බව අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම ජාතික මදුරු මර්දන සතිය තුළදී පාසල් සහ වැඩබිම් දැඩි පරීක්ෂාවට ලක් කිරීමට නියමිත අතර හෙට (28දා) සහ අනිද්දා (29දා) යන දෙදින තුළ එය සිදු කිරීමට නියමිතය.
මේ අතර, අදාළ දිනයන්හි පාසල් සිසු සිසුවියන් සහ මවුපියන්ගේ සහභාගිත්වයෙන් පාසල් පරිශ්‍ර පිරිසුදු කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහනක්ද ක්‍රියාත්මක වේ. ඒ ඒ ප්‍ර‘දේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ උපදෙස්ද ලබාගනිමින් එම කටයුතු සංවිධානය කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට හා විදුහල්පතිවරුන්ට දන්වා තිබේ.
එසේම ජනතාව දැනුවත් කිරීම, ශ්‍රමදාන කටයුතු, මදුරුවන් බෝවන පරිශ්‍ර පවත්වාගෙන යන නිවෙස් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමද සිදු කෙරෙනු ඇත.
මෙම වැඩසටහන සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, සිවිල් ආරක්ෂක නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් 20,000 ක් පමණ එක්වීමට නියමිත අතර, ඔවුන් කණ්ඩායම් 4200කට බෙදා මදුරු මර්දන කටයුතු ක්‍රියාත්මක කෙරේ.
2016 වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 40,361 දෙනෙකු හමුව ඇති අතර, 2015 වසර හා සසඳන කල රෝගීන්ගේ සංඛ්‍යාවේ 11,000 ක වැඩිවීමක්ද දක්නට ලැබේ. සිදුව ඇති මරණ සංඛ්‍යාව 65 කි.